Warne සම කිරීමට ජිමීට තවත් කඩුලු 05ක් ඕන – කොදෙව්වනුත් දැඩි අසීරුවක

එංගලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය නිමාවන විට සංචාරක කොදෙව්වන් කඩුලු 06ක් දැවී ලකුණු 79ක් ලබාගෙන සිටිනවා.

‘ද ලෝඩ්ස්’ හි දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට පිරිනැමීමටයි.

එම ආරාධනයෙන් පිතිකරණයට පිවිසි කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 121ක් රැස් කළා.

එංගලන්තයෙන් බිහි වූ මෙන් ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම ටෙස්ට් තරගාවලිය විශේෂ වනවා.

ඊට හේතුව වන්නේ මේ වනවිට ටී20 සහ එක්දින තරගවලින් සමුගෙන සිටින ජිමී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය මෙය වන නිසා යි.

එමෙන්ම ජිමීට ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ පා දඟ පන්දු යවන්නෙකු වන ශේන් වෝර්න්ගේ කඩුලු සම කිරීම හෝ එය හඹා යෑම සඳහා ද ලැබෙන අවසන් අවස්ථාව ද මෙය වනවා.

මේ වනවිට ශේන් වෝර්න් ටෙස්ට් කඩුලු 708ක් බිඳ දමා ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ පසුවන අතර ජිමී රැඳී සිටින්නේ කඩුලු 703ක් සමගින් තෙවැනි ස්ථානයේයි.

මෙම ලැයිස්තුවේ පළමු තැන කඩුලු 800ක් දවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට හිමි ව තිබෙනවා.

කෙසේවෙතත් ජිමීට මෙම තරගය සමග තවත් ටෙස්ට් තරග දෙකක් වෝර්න්ව සම කිරීම සඳහා ඉතිරිව තිබෙනවා.

කොදෙව්වන්ගේ පළමු ඉනිම ලකුණු 121කට සීමා කිරීමේ දී ජිමී විසින් එක් කඩුල්ලක් ද තමන්ගේ ටෙස්ට් කඩුලු 701 බවට පත් කරගන්නට සමත් වුණා.

ජිමී ටෙස්ට් තරග 188කට මේ වනවිට එක් ව ඇති අතර රතු පන්දු 40,000ක් සිය ප්‍රතිවාදීන් වෙත යොමු කර තිබෙනවා.

ඊට ජිමී කිලෝමීටර් 800ක් දුව ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ.

එමෙන්ම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ Gus Atkinson ලකුණු 45කට කඩුලු 07කට වගකීමට සමත් වීම ද ඊයේ තරගයේ දී කැපී පෙනුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 371ක් ලබා ගත්තා.

එහිදී එංගලන්ත කණ්ඩායමෙන් අර්ධ ශතක 05ක් වාර්තා වූ අතර; වැඩිම ලකුණු පළමු ඉනිමේ දී ලබා ගත්තේ Zak Crawley (76) විසින්.

Jamie Smith, Joe Root ,Ollie Pope සහ Harry Brook අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව් පිල වෙනුවෙන් Jayden Seales කඩුලු 04ක් ද, හෝල්ඩර් සහ මොටි විසින් කඩුලු 02 බැගින් ද බිඳ හෙලුවා.

පළමු ඉනිමේ එක් කඩුල්ලක අයිතිය අල්සාරි ජෝසප් හට හිමි වුණා.

ඉන් අනතුරුව ලකුණු 250ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව්වන් මේ වනවිට තවත් කඩුලු 04ක් පමණක් අතැතිව ලකුණු 79ක් ලබා සිටිනවා.

එංගලන්ත පන්දු යවන්නන්ගේ පීඩනයට ලක් වූ කොදෙව් පිතිකරුවන් ව දවා ගැනීමේ දී ශේන් වෝර්න්ව සම කිරීමේ උත්සාහය වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් තමන් නමින් තවත් ටෙස්ට් කඩුලු 02ක් බිඳ දමමින් මේ වනවිට සමස්ත ටෙස්ට් කඩුලු ගණන 703ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් ව සිටිනවා.

ඔහුට ශේන් වෝර්න්ව සම කිරීමට තවත් අවශ්‍ය ඇත්තේ කඩුලු 05ක් පමණි.

ඇට්කින්සන් සහ ස්ටොක්ස් ද කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද ඇරඹීමට නියමිත අතර මේ වනවිට 07 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ ජොෂුවා සමගින් අල්සාරි ජෝසප්.

ඉනිමක පරාජයකින් බේරීමට නම් කොදෙව්වන්ට තවත් ලකුණු 171ක් අවශ්‍ය වනවා.

එමෙන්ම ජේම්ස් ඇන්ඩර්සන් එළඹෙන ජුලි 30 වැනි දා සිය 42 වැනි ජන්ම දිනය සමරමින් ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියට මෙන් ම තුන් ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවට ම සමුදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41