එළඹෙන ජූලි 01වනදා සිට රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවයි.
මෙය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
බදු ගැසීමෙන් පමණක් ආර්ථිකයක වර්ධනයක් ඇති කළ නොහැකි බවත්, ව්‍යාපාරවලට හුස්ම ගැනීමට නොහැකි නම්, ඒවාට නොනැසී පැවතීමට හෝ සමෘද්ධිමත්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු එම එක්ස් සටහන මඟින් පෙන්වා දෙනවා.














Good…it is the reality.
Government will say that it’s beyond their control. 👹