Update – හුංගම ද්විත්ව ඝාතනය සිදුකළ ‘අදුපැලෑන බිංදු’ සහ හතරක් අත්අඩංගුවට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි ප්‍රධාන සැකකරු වන ‘අදුපැලෑන බිංදු’ නැමැත්තා සහ තවත් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් සහ අනියම් සම්බන්ධතාවක් මත මෙම අපරාධය සිදුකළ බවයි.

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගකයෙක් අද (07) අලුයම් කාලයේ පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනය ලක්ව තිබුනේ 28 හැවිරිදි වියේ පසු වූ ඉමේෂා මධුභාෂිනී නැමැති කාන්තාවක් සහ ඇයගේ අනියම් පුරුෂයා වූ පසිඳු හේෂාන් නොහොත් ‘බෝපසිඳු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ 28 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මොවුන් දෙදෙනා රන්න සහ තිස්සමහාරම යන ප්‍රදේශවල පදිංචිව සිටි අය බවයි අනාවරණය වී ඇත්තේ.

බෝපසිඳු නැමැත්තා අදාළ කාන්තාව හුංගම, වාඩිගල ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසේ රැඳී සිටි අවස්ථාවේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් පස්දෙනෙක් විසින් තියුණු ආයුධ සමඟ නිවසට ඇතුළු වී මෙම ඝාතනයන් සිදුකර තිබෙනවා.

ඝාතනය සිදුකර අවස්ථාවේ දී නිවස හිමි කාන්තාව ද නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු වන ‘අදුපැලෑන බිංදු’ නැමැත්තා සහ ඝාතනයට ලක්වූ ‘බෝපසිඳු’ කලක් හොඳම මිතුරන්ව සිය ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය ලක්වූ බෝපසිඳු නැමැත්තාට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා සහ මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවටපත් වූ අයෙක්.

බෝපසිඳු නැමැත්තාට පසුගිය වසරේ ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබුණා.

ද්විත ඝාතනය සම්බන්ධයෙන් හුංගම පොලිසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16