Update – මීටියාගොඩ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට – වෙඩික්කරුවන්ගේ ඉලක්ක අතර පුංචි ඡන්ද අපේක්ෂකයෙකුත්

මීටියාගොඩ පොලිස් වසමේ බද්දේගම පාර, මානම්පිට ප්‍රදේශයේ පිහිටි 86 අවන්හලේ ඊයේ (03) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීටියාගොඩ, මානම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි සරත් චමින්ද උදය කුමාර නැමති 47 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා සිටින පුද්ගලයා මහදුර නලින් වසන්ත නැමැති 52 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම; තුවාලකරු වන මහදුර නලින් වසන්ත යන පුද්ගලයා සහ මෙවර අම්‍බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග වදින මහදුර ඉසුරු දිල්ෂාන් යන පුද්ගලයා ඉලක්ක කර සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මහදුර නලීන් යන අය 2015 වර්ෂයේ දී පුද්ගලික ආරවුලක් මත, වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරුවකු බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර වෙඩි තැබීම සිදු වූ අවන්හල් හිමිකරු ද අදාළ ස්වාධීන කණ්ඩායමෙන් අම්‍බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට තරග කරන අයෙක් බවට ද තොරතුරු වාර්තා වනවා.

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම දේශපාලන හේතුවක් මත සිදු වූ බවට තවමත් තොරතුරු අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25