Update – මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 25 දක්වා ඉහළට – බන්ධනාගාර තුළින් යළිත් වෙඩි ශබ්ද (වීඩියෝ)

Update – මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරළි මර්ධන ඒකකයේ විශාල නිලධාරීන් පිරිසක් මීගමුව බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ අද (06) ඇති වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අතර මීගමුව බන්ධනාගාරය තුළින් යළිත් වෙඩි ශබ්ද ඇසෙන බව දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු පවසනවා.

ගැටුමෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මේ අතර බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිටතට ගන්නා ලෙස බල කරමින් බන්ධනාගාරයට පිටතින් රැස්වී සිටින රැඳවියගේ ඥාතීන් බලකර සිටින බවට ද තොරතුරැ වාර්තා වනවා.

  1. දිට්ඨදම්ම වේදනීය කර්ම යකෝ. මහර වැලිකඩට එදා බයිලා දොඩවපු කොට පචයා දැන් මොකද කියන්නේ.?