Update – මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ 14ක් කොළඹ ජාතික රෝහලට

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇති වූ ගැටුමෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ රෝගීන්ගෙන් බරපතළ තත්ත්වයේ පසු වූ රෝගීන් 14 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සඳහන් කළා.

බරපතළ තත්ත්වයේ පසු වන තවත් රෝගීන් හයදෙනෙකු පමණ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි අධ්‍යක්ෂවරිය පැවසුවේ.

මේ අතර අද (06) පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය 25 දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙකු සිටිනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන් 100 දෙනෙකු පමණ මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත පළමුව ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14