Update – මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ භූකම්පනයෙන් විශාල පිරිසක් අතුරුදන්

මියන්මාරයට අද (28) දහවල් බලපෑ භූකම්පනය හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූකම්පනයෙන් මියන්මාරය තුළ සිදුවූ මරණ සහ තුවාල ලැබීම පිළිබඳව තවමත් නිශ්චිත දත්ත වාර්තා නොවන බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ජීවිත සිය ගණනක් අහිමි වී ඇති බවයි එම මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල තත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාව අසල්වැසි චීනය සහ තායිලන්තයට ද බලපා ඇති අතර ඉන් විශාල හානියක් තායිලන්තයට සිදුව තිබෙනවා.

තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි, කඩා වැටුණු ගොඩනැගිල්ලක සිටි ඉදිකිරීම් සේවකයින් 81 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි මේ වනවිට විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මීට පෙර එරට බලධාරීන් වාර්තා කර තිබුණේ ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.

භුකම්පනයේ බලපෑම මත ගොඩනැගිල්ල කඩාවැටීම සිදුවන අවස්ථාවේ සේවකයින් 409ක් පමණ එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය සංඛ්‍යාව තවමත් පැහැදිලි නැති අතර, දිවි ගලවාගත් අය සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එමෙන්ම එම ස්ථානයේ ක්ෂේත්‍ර රෝහලක් ද පිහිටුවා ඇති බව වාර්තා වනවා.

මේ අතර අසල්වැසි මියන්මාරයට බලපෑ 7.7 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු තායි බලධාරීන් විසින් රට පුරා පාසල් වසා දැමීමට නියෝග කර ඇති තිබෙනවා.

ඊට අමතරව උස් ගොඩනැගිලිවල සිටින ජනතාවගෙන් “වහාම ඉවත් වන ලෙස” තායි බලධාරීන් ඉල්ලා ඇත්තේ සිදුවිය හැකි පසුකම්පනවලින් සිදුවිය හැකි හානිය අවමකර ගැනීමේ අරමුණින්.

මේ අතර මියන්මාරයේ පාලක හමුදාව භූ කම්පනය සිදු වූ කලාප සහ ප්‍රාන්ත හයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍යය තත්ත්වය පිළිබඳව ඉක්මනින් විමසීම් කරන අතර, මානුෂීය ආධාර ලබාදීමත් සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි මියන්මාර පාලක හමුදාව පවසන්නේ.

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16