spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – මාලිගාකන්ද අධිකරණය අසල දී වෙඩි වැදුණු දැරිය ජීවිතක්ෂයට

මරදාන – මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අද (17) පස්වරු 3.30ත් – 4.00ත් අතර වෙඩිතැබීමක් සිදුව ඇති අතර, නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි දැරියගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අධිකරණය අසළ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ මියගිය දැරියගේ පියා සහ මව එහි සිට තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?