Update – මතුගම සලිත වූ ඝාතනය සිදුකළ ‘සදසිරිගම කුනකටුවා’ අත්අඩංගුවට

අද අලුයම මතුගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම, සදසිරිගම ප්‍රදේශයේ පදිංචි ‘සදසිරිගම කුනකටුවා’ නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක්.

මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිව සිට විතානගේ දොන් කලන මධුෂාන් නමැති 34 හැවිරිදි පුද්ගලයාව, සැකකරු විසින් අද (03) අලුයම් කාලයේ තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබුණා.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඕවිටිගල, සදසිරිගම ප්‍රදේශයේ නිවසක මිතුරෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට සිටිය දී සැකකරු පැමිණ කඩුවකින් කපාකොටා ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දෙදෙනා ළඟම ඥාතීන් වන අතර, මොවුන් අතර කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු නිවසට යාබද කැලයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07