spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – මතුගම සලිත වූ ඝාතනය සිදුකළ ‘සදසිරිගම කුනකටුවා’ අත්අඩංගුවට

අද අලුයම මතුගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම, සදසිරිගම ප්‍රදේශයේ පදිංචි ‘සදසිරිගම කුනකටුවා’ නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක්.

මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිව සිට විතානගේ දොන් කලන මධුෂාන් නමැති 34 හැවිරිදි පුද්ගලයාව, සැකකරු විසින් අද (03) අලුයම් කාලයේ තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබුණා.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඕවිටිගල, සදසිරිගම ප්‍රදේශයේ නිවසක මිතුරෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට සිටිය දී සැකකරු පැමිණ කඩුවකින් කපාකොටා ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දෙදෙනා ළඟම ඥාතීන් වන අතර, මොවුන් අතර කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු නිවසට යාබද කැලයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?