spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – බොරැල්ලේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා ජීවිතක්ෂයට

අද (20) උදෑසන බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා පිරිසිදු කිරීමේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?