Update – පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට අත්හිටුවයි

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් විකරමරත්න මීට සුළු මොහොතකට පෙර කටයුතු කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (23) දිනයේ ඉල්ලා සිටි හදිසි විවාදයකට ආණ්ඩු පක්ෂය අවස්ථාව ලබානොදීම තුළ, විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.

ඒ, අනුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted