Update – දුමින්ද දිසානායක කොළඹ නව මැගසින් බන්ධනාගාරයට (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ; හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) පස්වරුවේ කොළඹ නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන අද (24) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

බම්බලපිටිය ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන ආ ඔහුගෙන් ප්‍රශ්න කිරිම් සිදුකරනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහුව අද දිනයේ මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.