Update – දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය යාත්‍රා දෙකේ සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබාගැනීමේ සූදානමක්

දකුණු මුහුදු තීරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිදුකළ මෙහයුමක දී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 296යි ග්‍රෑම් 796ක් සොයාගත් බව පොලිසිය පවසනවා.

ඒ, අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 184යි ග්‍රෑම් 528ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් ග්‍රෑම් 268ක් පාර්සල් 270ක අසුරා තිබිය දී සොයාගෙන තිබෙනවා

මෙහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11දෙනෙකු අද (25) දිනයේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11දෙනා වයස අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට, කොස්වත්ත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

දිවයිනට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් පෙරේදා (23) සිදුකළ මෙහෙයුමක දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදාව සිය භාරයට ගනු ලැබුවා.

එලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ එම බහුදින ධීවර යාත්‍රා දෙක අද (25) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14