ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසනවා.
මෙම යාත්‍රාව සැකරුවන් පස්දෙනෙක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී ඊයේ (16) රාත්‍රියේ සිය භාරයට ගෙන තිබුණා.
එලෙස සිය භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් පස්දෙනා ද සමඟ අද (17) දහවල් ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමටයි කටයුතු කර තිබුණේ.













