Update – දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපපොළේ සිදු වූ ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇති විදෙස් වාර්තා සඳහන් කරනවා.

එරට ජාතික ගිනි නිවන ඒජන්සියට අනුව, මියගිය පුද්ගලයින් 62 දෙනා අතර කාන්තාවන් 37ක් සහ පිරිමින් 25ක් සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය ගුවන් පථයෙන් ඉවතට පැමිණ මුආන් ගුවන් තොටුපපොළේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ 181 දෙනෙක් සිට ඇති අතර, ඉන් හයක් ගුවන් කාර්ය මණ්ඩලය බවයි අනාවරණය වුණේ.

මගීන් 175 දෙනා අතර තායි ජාතිකයින් දෙදෙනෙක් ද සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර දකුණු කොරියා බලධාරීන් සඳහන් කළේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මගීන් සහ කාර්ය මණ්ඩලය 181 දෙනෙකු රැගෙන බැංකොක් සිට පැමිණි ජෙජු එයාර් ගුවන් යානය එරට වේලාවෙන් අද (29) පෙරවරු 9.03ට පමණ ගොඩබෑමේ ආම්පන්නයේ ගැටළු වාර්තා කිරීමෙන් පසු හදිසි ගොඩබෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර ගුවන් අනතුරු විමර්ශන කමිටුවේ විමර්ශකයින් පැමිණ දැනට හේතුව විමර්ශනය කරමින් සිටින අතර,සියලුම ගුවන් සමාගම් සහ එරට ගුවන් තොටුපොළ සඳහා ආරක්ෂිත මෙහෙයුම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14