Update – දකුණු කොරියා භූමියේ සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුරින් මියගිය ගණන 124ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ දී සිදු වූ ගුවන් අනතුරින් අනතුරෙන් මළ සිරුරු 124 ක් සොයාගෙන ඇති බව එරට ජාතික ගිනි නිවන ඒජන්සිය පවසනවා.

එලෙස සොයාගත් මළ සිරුරුවලින් 54ක් පිරිමි පුද්ගලයින්වන අතර, කාන්තාවන 57ක් ඒ අතර වනවා.

එමෙන්ම සිරුරු 13ක් ලිංගභේදය හඳුනාගැනීමට නොහැකි ලෙස හානි වී ඇති බවයි දකුණු කොරියා ජාතික ගිනි නිවන ඒජන්සිය පැවසුවේ.

මේ අතර මෙම ගුවන් අනතුරෙන් පසු ගිනි නිවන දෙපාර්තමේන්තු සේවකයින් 490ක් සහ පොලිස් නිලධාරීන් 455ක් ඇතුළුව, පුද්ගලයින් 1,562ක් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

ඉතිහාසයේ දකුණු කොරියානු භූමියේ සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුර මෙය වනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මීට පෙර කොරියාවේ සිදුවූ දරුණුතම ගුවන් යානා ආශ්‍රිත ව්‍යසනය වූයේ 2002 වසරේ දී වන අතර, එය 129 දෙනෙකුට මරු කැඳවූ එයාර් චයිනා අනතුරයි.

Update – Sunday, December 29, 2024, 12.32PM

දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ ගණන 96ක් දක්වා ඉහළට – ගුවන් සමාගමත් සමාව අයදියි

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ දී ගුවන් යානය ගොඩබෑමට යාමේ දී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජෙජු එයාර් ගුවන් සේවයට අයත් යානයක් හදිසි ගොඩබෑමකට යාමේ දී ධාවන පථයෙන් ඉවතට ධාවනය වී තාප්පයක ගැටී මෙම දරුණු අනතුර සිදුව තිබුණා.

යානය තාප්පයේ ගැටීමෙන් අනතුරුව පිපිරී ගොස් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර අනතුරට ලක්වූ යානය හිමි ජෙජු එයාර් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අනතුරින් විපතට පත් වූවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

කෙටි මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙසසිය කණගාටුව පළකරමින් සමව ඇයද සිට ඇති අතර, ගුවන් අනතුරින් විපතට පත් වූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහයෝගය දැක්වීම ප්‍රමුඛතාවය බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර අනතුරත් සමඟ මුආන් ගුවන් තොටුපොළේ සියලුම ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (29) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බෝයිං 737-800 යානයක් වන අතර, යානය නිෂ්පාදිත ගුවන් යානා නිෂ්පාදක බෝයිං සමාගම ද සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ 181 දෙනෙක් සිට ඇති අතර, ඉන් හයක් ගුවන් කාර්ය මණ්ඩලය බවයි අනාවරණය වුණේ.

යානයේ සිටි මගීන් 175 දෙනා අතර තායිලන්ත ජාතිකයින් දෙදෙනෙක් ද වන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් වෙත යානයක්.

මේ අතර අනතුරින් පසු දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිව ඇති අතර, ඔවුන් දෙදෙනාම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14