spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – තවත් පැය කිහිපයකින් කොළඹට වතුර

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට අත්හිටුවා ඇති ජල සපැයුම තවත් පැය කිහිපයකින් යළි යථා තත්ත්වයට පත්කළ හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.ජී.යු.රංජිත් පවසනවා.

අඹතලේ ජල පොම්පාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් අද (25) පෙරවරුවේ සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සපැයුම අත්හිටුවනු ලැබුවා.

අද (25) පෙරවරුව හයට පමණ අඹතලේ ජල පොම්පාගාරයේ විදුලි පද්ධතියේ මෙම දෝෂය හටගෙන තිබූ බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් කොළඹ, දෙහිවල – ගල්කිස්ස, රත්මලාන සහ කටුබැද්ද, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?