Update – ‘ටයිටන්’ සබ්මැරීනය හිමි සමාගමෙන් විශේෂ නිවේදනයක්

ටයිටැනික් කෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ‘ටයිටන්’ සබ්මැරීනය විනාශකාරී පිපිරීමකට ලක්ව ඇති බව, සබ්මැරීනය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදුකළ ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා.

ඒ, අනුව එහි ගමන්ගත් පුද්ගලයින් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පිපිරීමට ලක්වූ ‘ටයිටන්’ සබ්මැරීනයේ සාගර මතුපිටට ගෙන ආ හැකි සියලුම කොටස් ගෙනවිත් පුපුරා යෑමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ සිදුකරන බවයි විමර්ශක කණ්ඩායම් සඳහන් කළේ.

ඒ අනුව ‘ටයිටන්’ සබ්මැරීනයේ කොටස් සාගර මතුපිටට ගෙනඒමේ මෙහයුම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා ‘ටයිටන්’ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත ගමන් අරඹා තිබුණා.

ඉන් පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බවයි එම ගමන සංවිධානය කළ ඕෂන්ගේට් සමාගම සඳහන් කළේ.

ඒ, වනවිටත් ලොව ප්‍රකට බිලියනපතියන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු එහි ගමන් කර තිබෙනවා.

මේ අතර මියගිය පස්දෙනා විශිෂ්ඨ ගවේශකයින් බවත් ඔවුන්ගේ පවුල්වලට කණගාටුව පළකරන බවත් ‘ටයිටන්’ සබ්මැරීනය හිමි ඕෂන්ගේට් සමාගම විශේෂ නිව්දනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46