Update – ජීවිත 04ක් බිලිගත් තෝරයායේ බස් අනතුරට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කුරුණැගල – දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් අද (10) අලුයම 4.45ට පමණ දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හතරක් මියගොස් තවත් විස්සකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළත් කර ඇත්තේ කුරුණැගල රෝහලටයි.

කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මගීන් නංවාගැනීමට මාර්ගය අයිනේ නවතා තිබිය දී පසු පසින් පැමිණි මාඳුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පසු පසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දොරටියාව පොලිසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42