spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

UPDATE – ජන අරගල විරෝධතාවයේදී 33ක් අත්අඩංගුවට (වීඩියෝ)

බඩු මිල – බදු බර අඩු කරනු මැයෙන් ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයේදී පුද්ගලයින් 33 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව වසන්ත මුදලිගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සමාජ ක්‍රියාකාරීන් වන දුමින්ද නාගමුව සහ ලහිරු වීරසේකර ද මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බවයි.

මෙහිදී සිදුකළ පහරදීම ජන අරගල ව්‍යාපාරය විසින් හෙලා දකින බවත් මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වහාම නිදහස්කල යුතු බවත් වසන්ත මුදලිගේ සදහන් කළා.

මෙම පහරදීම් පිලිබදව සිය සංවිධානය හෙට (21)දින මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?