spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ මෝටර් රථය හමුවෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ මෝටර් රථය සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මීගමුව ගරාජයක සඟවා තිබී එම රථය මෙලෙස සොයාගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

මෝටර් රථය රැගෙන ආ බව පවසන යුවලක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.

ඉකුත් 30 රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු වන්නට ඇති බව සැක කෙරෙන අතර, 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?