UPDATE :කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල ජුනි 03 තෙක් සිපිරිගෙට (වීඩියෝ)

දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුගෙන් අද (21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අල්ලස් කොමිසමින් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කළා.

මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයින් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙසයි, සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බව නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කර තිබෙන බව විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් පැවසුවා.

පසුව එම මුදල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ට ලබා දී ඇති අතර, අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා ද යොදාගෙන තිබෙන බවට විමර්ශනවල දී කරුණු අනවරණය වී තිබෙනවා.

එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයින්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 80කට අධික බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස එක්ව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් මෙම සැකකරු ලබන 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

අල්ලස් කොමිසම පවසන ආකාරයට මෙම සිද්ධිය හරහා කිසිදු මුදලක් තම දායකයාගේ ගිණුමට බැරවී නොමැති බවත් ඔහු කටයුතු කර තිබෙන්නේ පවතින නීතිමය තත්ත්වයන්ට අනුකූලව බවත් නීතිඥවරයා පවසා සිටියා.

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00