Update – කිං කෝලි සහ ගාම්භීර් ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක් (වීඩියෝ)

අයි.පී.එල්. පිටියේ ඊයේ (01) රාත්‍රියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළේ සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ලක්නව් සුපර් ජයන්ට් පිළේ උපදේශක ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර ඇති වූ උණුසුම් තත්ත්වය මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් මතුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

තත්ත්වය එසේ තිබිය දී මෙම මත ගැටුමට සම්බන්ධ වූ විරාට් කෝලි සහ ගෞතම් ගාම්භීර්ට දැඩි දඬුවම් පනවන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව ලක්නව් සුපර් ජයන්ට් උපදේශක ගෞතම් ගාම්භීර්ට සහ බැංගලෝර් පිළේ සුපිරි පිතිකරු විරාට් කෝලිට දඩ මුදල් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

අයි.පී.එල්. චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ දෙවන මට්ටමේ වරදක් කළ බවට ගාම්භීර් පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුට එම තරගය සඳහා ලැබෙන සම්පූර්ණ තරග ගාස්තුව දඩ මුදලක් ලෙස අයකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම විරාට් කෝලි ද අයි.පී.එල්. චර්යාධර්ම සංග්‍රහයේ එම වරදම සිදුකර ඇති බවට පිළිගෙන ඇති අතර, ඔහුගෙන් ද සම්පූර්ණ තරග ගාස්තුව දඩයක් වශයෙන් අයකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ පැවති තරගයේදී අයි.පී.එල් ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52