Update – කැළණිය – දිප්පිටිගොඩ වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි

කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ අද (25) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි තිදෙනෙක් වන අතර, ඔවුන් අපරාධ කල්ලි සාමාජිකයා ‘දිප්පිටිගොඩ ළහිරු’ නැමැත්තාගේ කණ්ඩායමේ පිරිසක් බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘කඩවත කල්ප’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් බවයි හෙළිව ඇත්තේ.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

දෙපාර්ශ්වය අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27