Update – ක්ලබ් වසන්ත ඝාතනයට අද ඇල්ලූ සැකකරුවන් දෙදෙනා ගැන තොරතුරු එළියට

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අතර වෙඩි තැබීමට පැමිණි එක් වෙඩික්කරුවෙක් සිටින බවයි පොලිසිය තහවුරු කළේ.

දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු පැටී අරඹගේ අජිත් රෝහණ නැමැති 31 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයකින් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු වරුණ ඉන්දික ද සිල්වා නැමැති වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව සමඟ ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 120ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14