Update – කළුතර – සේරුපිට අධිවේගයේ පාලම යට සිදු වූ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි

කළුතර, සේරුපිට අධිවේගී මාර්ගයේ පාලම යට දී ඊයේ (02) රාත්‍රියේ සිදු වූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සේරුපිට, කොහොලාන ප්‍රදේශයේ පදිංචි, 41 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ බව කියන පුද්ගලයාගෙන් මොහු අවස්ථා කිහිපයක දී මුදල් ඉල්ලා කරදර කර ඇති අතර, පෙරේදා (01) දිනයේ ද එලෙස තර්ජනය කර මුදල් ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා පවසන්නේ තමන් ඊයේ (02) දින මාසික වේතනය ද රැගෙන නිවසට පැමිණෙමින් සිටිය දී රාත්‍රී 7.00ට පමණ ඝාතනයට ලක් වූ පුද්ගලයා විසින් සේරුපිට අධිවේගී මාර්ගයේ පාලම යට දී තමන්ගෙන් මුදල් ඉල්ලා කරදර කළ බවයි.

එම අවස්ථාවේ දී දෙදෙනා අතර පොරබැදීමක් සිදුව තිබෙනවා.

එහිදී තමන් බුලත් විට සැකසීමේ දී පුවක් කැපීමට යොදාගන්නා පිහිය සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඒ මේ අත වැනූ බවත් එම අවස්ථාවේ දී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පපු ප්‍රදේශයට එය ඇනුණු බවත් ඝාතනය සම්බන්ධ පුද්ගලයා පවසා තිබෙනවා.

පසුව අසල වෙළඳසැලක සිටි පුද්ගලයෙක් විසින් පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාව මාර්ගයෙන් ඉවතට රැගෙන ගොස් තබා ඇති අතර, 1990 හදිසි ගිලන් රථ සේවය අමතා ගිලන් රථයක් එහි කැඳවා ඇති බව සඳහන්.

ගිලන් රථ සේවකයින් එහි පැමිණ පරීක්ෂා කිරීමේ දී පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

පසුව කළුතර දකුණ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ඝාතනය සම්බන්ධ පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් පිහිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04