Update – කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව දැඩි කෙරේ – පද්මෙලා රැගත් ගුවන් යානය පස්වරු 7.26ට කටුනායකට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව මේ වනවිට දැඩිකර ඇති බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පස්දෙනෙක් අද (30) පස්වරුවේ ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ඒම හේතුවෙන් මෙලෙස ගුවන් තොටුපොළ ආරක්ෂාව දැඩිකර තිබෙනවා.

ඒ, අනුව ගුවන් තොටුපොළ ඇතුළත සහ පිටතට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ හමුදා නිලධාරීන් යොදවා ආරක්ෂාව දැඩිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පසුගියදා අත්අඩංගුවට ගැනුණු මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අද (30) පස්වරු 7.26ට මෙරටට ලඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර දිවයිනට ගෙන එන එම අපරාධ කල්ලි සාමාජිකයින් භාරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53