ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයෙන් “ජීවිත ගලවා ගත් කිසිවෙක්” හමු නොවූ බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.
ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හඳුනා ගැනීමෙන් පසු එම ස්ථානයට මුදාගැනීමේ කණ්ඩායම් අද (20) ළඟා වී තිබුණා.













