Update – ඉන්දියාවේ ආගමික උත්සවයක සිදු වූ තෙරපීමෙන් මියගිය ගණන 100 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් හි ඊයේ (02) පැවති ආගමික උත්සවයක දී සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මියගිය අය අතරින් බහුතරයක් කාන්තාවන් වන අතර, ළමුන් හත්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති ‘සත්සං’ (යාච්ඤාවක්) අතර තුර මෙම තෙරපීම සිදුව තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළ අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා.

යාච්ඤාව සඳහා සහභාගී වූ කාන්තාවන් පැවසුවේ එය ප්‍රාදේශීය දේවගැතිවරයා වන බෝලේ බාබා හෙවත් නාරායන් සාකර් හරිට ගෞරව කිරීම සඳහා සංවිධානය කළ එකක් බවයි.

රැස්ව සිටි සෙනඟ පිටව යාමට පටන් ගැනීමත් සමඟ තෙරපීම ඇතිව ඇති අතර, කුඩා ප්‍රදේශයක විශාල ජනකායක් ගොඩගැසීම මෙම අනතුරට හේතු වී තිබෙනවා.

මේ අතර මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි ලබාදීමට ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09