spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඇල්පිටියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ PHI සංගමයේ භාණ්ඩාගාරික බව හෙළිවෙයි (වීඩියෝ)

මුහුණු ආවරණය කරගෙන පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අද (26) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා බව අනාවරණය වී තිබෙනවා.

51 හැවිරිදි වියේ පසු වූ රොෂාන් කුමාර විතානගේ නමැති මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කරන්දෙණිය ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වශයෙන් රාජකාරී සිදුකළා.

ඇල්පිටිය පොලිස් වසමේ කුරුදුගහහැතැක්ම, පතිරාජ මාවත පෙදෙසේ පිහිටි ඔහුගේ දෙමහල් නිවස තුළ දී අද (26) උදෑසන 7.05ට පමණ ඔහුට වෙඩිතබා මෙලෙස ඝාතනය කර තිබුණා.

මෙම වෙඩි තැබීම සඳහා මුහුණු ආවරණයකරගත් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර, වෙඩිතැබීමට මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?