spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඇමෙරිකාවේ දී පාලම ගැටී අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නැවක් (වීඩියෝ)

ඇමෙරිකාවේ බැල්ටිමෝ නගරයේ පැටප්ස්කෝ ගංගාව හරහා ඉදිකර තිබූ පාලමේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අද අලුයම දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇති නෞකාව සිංගප්පූරුවේ ධජය යටතේ ධාවනය වූ නෞකාවක් බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් සිට කොළඹ වරාය බලා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

මැරීන් ට්‍රැෆික් දත්ත වලට අනුව මෙම නෞකාව දිගින් මීටර් 300 (අඩි 984) පමණ වන අතර, පළල මීටර් 48 (අඩි 157) පමණ වනවා.

මෙම අනතුරත් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු ගංගාවට වැටී ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බැල්ටිමෝ නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
14
+1
11
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?