Update – අත්තනගලු ඔයේත් ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ඇති වූ සැළකිය යුතු වර්ෂාපතනයත් සමඟ පැය 48ක් දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, මහර, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.