Update:-අත්අඩංගුවට ගත් රත්වත්තේ මිරිහානට රැගෙන එයි

ලියාපදිංචි නොකළ බවට සැලකෙන සුඛෝපභෝගී වෑන් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ව අද (31) පස්වරුවේ මිරිහාන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකාර රත්වත්තේ මහතාව අද පෙරවරුවේ ඔහුගේ ගම් පළාත වන මහනුවර දී අත් අඩංගුවට ගත් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන – ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක නවතා තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වර්ගයේ නවීන සුදු පැහැති මෝටර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගැනුණා.

එම මෝටර් රථය පොලිසිය විසින් පසුගිය 26 වැනි දින සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

පසුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32