රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායෑමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යාමේ දී මහර බන්ධනාගාර තුළ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවය හටගෙන ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළා.
බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තාප්පයකින් රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එම තත්ත්වය වළක්වා ගැනීමට යාමේ දී මෙම නොසන්සුන්තාවට හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව වෙනුවෙන් ස්ථාන ගත කිරීමට පියවර ගෙන ඇති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රැස්ව සිටිනවා.













