අඟුලාන මුහුදු ප්රදේශයේ දී ශ්රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්
මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව නිවේදනය කරනවා.
විශේෂඥයින්ගෙන් සමන්විත මෙම කමිටුව මඟින්, සිදුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට නියමිතය බවයි වාර්තා වන්නේ.
රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් ඊයේ (15) අඟුලාන මුහුදු ප්රදේශයේ දී අනතුරට ලක්ව එම යාත්රාව මුහුදුබත් වුණා.
එම අවස්ථාවේ දී යාත්රාව තුළ නාවිකයින් 12 දෙනෙකු සිට ඇති අතර, ඉන් 11 දෙනෙකු බේරාගැනීමට පොලිසිය සහ ධීවරයින් කටයුතු කර තිබුණා.
මෙහිදී එන් නාවිකයෙක් අතුරුදන්ව සිටින අතර, ඔහුව සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්රියාත්මක බා නාවික හමුදාව පැවසුවා.
අනතුරෙන් පසු මුදාගනු ලැබූ නාවිකයින් එකොළොස්දෙනා මේ වන විට වැලිසර නාවික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වන්නේ.
මේ අතර මුහුදුබත් වූ යාත්රාව ගොඩගැනීමේ මෙහෙයුම් ද අද (16) දිනයේ සිදුකරන අතර, මේ වන විට පවතින රළු මුහුදු තත්ත්වය එම මෙහෙයුම සඳහා සැලකිය යුතු අභියෝගයක් වී ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.













