Update – එපාමුල්ල මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි හතරදෙනාගෙන් තිදෙනෙකු මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අතුරුදන්ව සිටි පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළ සිරුරු මෙලෙස සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ (30) පස්වරුවේ මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ, අවුරුදු 35ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙක් සහ අවුරුදු 13ක පිරිමි දරුවෙක්.