UGC සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු සාමාජිකයින් ඊයේ (14) එම තනතුරු වලින් ඉල්ලා අස් වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දැනුම්දීමක් මත එම සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම කොමිසමේ සාමාජිකයින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ දී පත්කළ අතර, ඔවුන්ගේ නිල කාලය 2025 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.