TikTok Live stream කරමින් සිටි බිරිඳට සැමියා කල අපරාධය

සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ සිය අනුගාමිකයින් සමඟ සජීවී විකාශයක් (live stream) හා සම්බන්ධව සිටි තම හිටපු බිරිඳව ඝාතනය කළ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය පැන වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල සැමියා විසින් සිය බිරිඳ සජීවී විකාශයක් (live stream) හා සම්බන්ධව සිටින අවස්ථාවේ පෙට්‍රල් වත් කර ඇයට ගිනි තබා තිබෙනවා.

ගිනි ගැනීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශය පත් කරමිනුයි අධිකරණ විසින් වැරදිකරු වූ සැමියාට මරණීය දණ්ඩනය පනවා ඇත්තේ. 

2020 වසරේ ජුනි මාසයේ දී දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් දික්කසාද වී ඇති අතර ඊට පෙර බොහෝ අවස්ථාවක සැකකාර සැමියා විසින් සිය බිරිඳට පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ. 

කෙසේ වෙතත් දෙදෙනා දික්කසාද වීමෙන් අනතුරුව නැවතත් තමන් සමඟ විවාහ වන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද ඇය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කෝපයට පත්ව සිටි සැමියා මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පරීක්ෂණ පැවැත් වූ එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29