TEEL IGP සහ I need සේවාවන් නව මුහුණුවරකින් එළිදැක්වේ

පොලිස්පතිට කියන්න (TEEL IGP) සහ I need සේවාවන් නව මුහුණුවරකින් එළිදැක්වීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව නවීකරණය කළ එම සේවාව එළිදැක්වීම අද (06) වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බවයි පොලිසිය නිවේදනය කළේ.

www.police.lk නිල වෙබ් අඩවිය මඟින් සහ E- services ඔස්සේ TEEL IGP සහ I need සේවාව වෙත පිවිසිය හැකි අතර, එමඟින් පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.

TEEL IGP සේවාව මඟින් පොලිස්පතිවරයාගේ සෘජු අවදානයට යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථාන මඟින් විමර්ශනය සිදුනොවන පැමිණිලි, පොලිස් නිලධාරීන් සිදුකර වැරදි වැනි පැමිණිලි සිදුකළ හැකි වනවා.

එමෙන්ම I need සේවාව ඔස්සේ ජංගම දුරකථනයක් අස්ථාන ගත වූ අවස්ථාවක පොලිසියට නොගොස් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි කිරීමේ හැකියාව පවතින අතරම, අස්ථාන ගත වූ ජංගම දුරකථනය යම් අයෙක් විසින් පාවිච්චි කරයි නම් ඒ පිළිබඳව පැමිණිලිකරු වෙත දැනුම්දීම සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21