“Take Care ‑ සුරැකෙමු මගතොට” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම සඳහා පාසල් සිසුන් මූලික කරගෙන “Take Care – සුරැකෙමු මගතොට” යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින්නුයි සැලසුම් කර ඇත්තේ.

පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින්, සංඛ්‍යාත්මකව 100ක් වූ අධ්‍යාපන කලාපයන්හි යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් ඍජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ ආයතනවල සහයෝගය ඇතිව සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04