T20 ලෝක ශූරයෝ මෝදි හමුවෙති – එක්දින ලෝක කුසලානය ගැනත් මතක් කිරීමක් (ඡායාරූප)

T20 ලෝක ශූරයින් ව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය හෘදයාංගම සුබ පැතුම් සමගින් මුණ ගැසී තිබෙනවා.

අද (04) පෙරවරු 11ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ව ලෝක ශූරයින් ගොස් මුණගැසුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙවර T20 ලෝක කුසලානය අමෙරිකාවේ කැරිබියන් දූපත් හි දී පැවැත්වුණු අතර; එහි අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජයට කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එම විශිෂ්ට ජය සිය රටේ ක්‍රීඩා ලෝලීන් සමග සැමරීමට පසුදින ම කැරිබියන් දූපත්වලින් පිටත් ව ඒමට කටයුතු සූදානම් කර තිබුණ ද, අප්‍රිකානු මහද්වීප හරහා හමා ගිය බෙරිල් සුළි කුණාටුවෙන් ඉන්දීය කණ්ඩායමට සිය මව් රටට පැමිණීමේ දින කල් දැමීමටයි සිදු වුණේ.

ඉන් අනතුරුව සුළි කුණාටුව පහව ගිය පසු ඉන්දීය ක්‍රිකට් ශූරයින් රැගත් විශේෂ ගුවන් යානයක් අද අලුයම නවදිල්ලි නුවරට ළඟා වුණා.

පසුව කණ්ඩායමට සූදානම් කර තිබූ විශේෂ උදෑසන ආහාරයෙන් පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමට ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ඇතුළු කාර්‍යය මණ්ඩලය, නායක රෝහිත් ශර්මා ඇතුළු කණ්ඩායම මුණ ගැසුණු අග්‍රාමාත්‍ය මෝදි තම රටට සතුට රැගෙන ඒම සම්බන්ධයෙන් සිය සුබාශිංසන පළ කර සිටියා.

මෝදි විසින් ඉන්දීය ක්‍රීඩකයින්ව උණුසුම් අයුරින් වැළඳගත් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම හමුවේ දී 2023 නොවැම්බර් මස 19 වැනි දා එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාවට එරෙහි ව පරාජයට පත් වූ අවස්ථාවේ වේදනාකාරී මතක ගැන ද මෝදි සිහිපත් කර තිබෙනවා.

එම මතකවලින් පාඩම් ඉගෙන ගනිමින්; පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීමට කණ්ඩායමක් වශයෙන් තැබූ කැපවීම සහ විශ්වාසයට ද අග්‍රාමාත්‍යවරයාගේ පැසසුම් ඉන්දීය ක්‍රීඩකයින්ට හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමු වීමෙන් පසු මෝදි ඔවුන් සමග ඡායාරූප රැසකට ද පෙනී සිට තිබෙනවා.

ඉන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් මුම්බායි බලා පිටත් ව යාමට නියමිත අතර; ඔවුන්ට ආචාර කිරීමට සහ උපහාර දැක්වීමට අද පස්වරුවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇති බවත් වාර්තා වනවා.

WhatsApp Image 2024 07 04 at 15.58.31
WhatsApp Image 2024 07 04 at 15.58.30


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46