T20 ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම දිවයිනට

පකිස්තානයේ පැවති සිව්වැනි දෘශ්‍යාබාධිත T20 ලෝක කුසලාන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගෙන අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 23 වැනි දින සිට දෙසැම්බර් මස 03 දක්වා පාකිස්තානයේ මුල්තාන් නුවර දී පැවැත්වුණා.

මීට එක් වූ රටවල් ගණන 07ක්.

තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන් ක්‍රීඩකයා සම්මාන ලැබුවා.

මෙම තරගාවලියේ පැවති තරග 03කදී ම, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකු එම තරගවල වීරයා සම්මාන ද දිනා ගැනීමට සමත් වුණා.

ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් -549 දරන ගුවන් යානයෙන් අලුයම 12.45ට පමණ මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15
Video thumbnail
අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
01:29
Video thumbnail
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව සම්පූර්ණයෙන්ම බොරු - මේ පට්ටපල් බොරු සමාජගත කරලා
03:36