T20 ලෝක කුසලානයට හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා නායිකාව කියයි

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීම විශාල වාසියක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හා නිල අනුග්‍රාහකත්වය කොළඹ දී පැවති අවස්ථාවේ ඇය මේ බව සඳහන් කළා.

“ මට හොද කණ්ඩායමක් ලැබී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීමයි. හැමෝම දන්න දෙයක් තමයි ඕනෑම වේලාවක විස්සයි 20 තරග රටාවේදී තරගයක් එක් අයෙකුට හෝ වෙනස් කරන්න පුලුවන් බව. මගේ විශ්වාසය ක්‍රීඩිකාවන් අතර ශ්‍රේණිගත කිරීම් යම් අංකයක් විතරයි. දවසේ හොදින්ම ක්‍රීඩා කරන ක්‍රීඩිකාව තමයි අංක එකේ මා සලකන්නේ. මා ඒ බව අපේ ක්‍රීඩිකාවන් සමග කතා කරනවා. ඔවුන්ට විශ්වාසය දෙනවා“.

“ අප පසුගිය ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට හොද තරගයක් දුන්නා. මේ තරගාවලියෙදීත් එවැනි කණ්ඩායම්වලට හොද තර්ජනයක් ගෙන දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් සිටිනවා. ඒක ලේසි පහසු කාණ්ඩයක් නොවෙයි. හොද තරගකාරීත්වයක් තියෙන කාණ්ඩයක්. නමුත් දවසින් දවස උපරිම දක්ෂතා අතර සිට අපේ ක්‍රීඩිකාවන් හොදින් ක්‍රීඩා කළොත් අපට පෙරැළියක් කරන්න පුලුවන්. ඒ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන් කියා විශ්වසයක් තියෙනවා“.

“ආසියානු කුසලානයේ අපි අනුශූරතාව දිනාගත් පසු සතියක විවේකයක් ලැබුණා. බංග්ලාදේශ සංචාරය අවලංගු වූවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අපට හොද පළාත් තරගාවලියකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නා. එය ඕවර් 50 හා විස්සයි 20 තරගාවලි දෙකක්. එයින් අපේ ක්‍රීඩිකාවන් හොද පන්නරයක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ වේග පන්දු වලට උචිත හා යම් ඉපිලීමක් ඇති තණතිලිවලට මුහුණ දෙන ආකාරය අප පුහුණු වුණා. අපි 17න් පහළ හා 15න් පහළ පිරිමි කණ්ඩායම් සමග පුහුණු තරග පැවැත්වූවා. ඒ අය පුහුණුවීම්වලට ගෙනත් පන්දුවට පහර දුන්නා. සති දෙකක් හම්බන්තොටදී විදුලි ආලෝක ධාරා මැද අප පුහුණු සැසි පැවැත්වූවා. මොකද අපට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනක්ම විදුලි ආලෝක ධාරා මැද තරග කරන්න වෙලා තියෙන්නේ. මෑත කාලයේ අප ලබාගත් හොද පෙර සූදානමක් මේක. එහි ප්‍රතිඵල බලන්න පුලුවන් ලෝක කුසලාන තරගාවලියේදී“.

තම පන්දු යවන්නියන් කෙරෙහි විශාල විශ්වාසයකින් පසුවන බවයි ඇය සදහන් කළේ.

“ඉනෝකා හා ඕෂධී අපේ දඟ පන්දු බළ ඇණීය ශක්තිමත් කරනවා. ආසියානු කුසලානයේදී හොදින් පන්දු යැවූ අචිනි සිටිනවා. විශේෂයෙන්ම හර්ෂිතා හා මාධවී පිළීබඳවත් සදහන් කළ යුතුයි. ඒ දෙදෙනා හොද තැනක සිටිනවා. දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් සිටිනවා. පිතිකරණය ගත්තාම මාධවී, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී හා නිලක්ෂි ද සිල්වා ලකුණු අතර සිටින ක්‍රීඩිකාවන්. තවත් නම් වශයෙන් නොකියපු දක්ෂ ක්‍රීඩිකාවන් සිටිනවා“.

“ චමරි හොදට සෙල්ලම් කළේ නැත්නම් මැච් එක පරදිනවා. මෙවැනි මතයක් තිබෙනවා සමාජයේ. ඔබ කොහොමද මෙයට මුහුණ දෙන්නේ? යනුවෙන් මාධ්‍යවේදීන් නායිකාවගෙන් ප්‍රශ්න කළා.

“ ඔව් එහෙම මතයක් තියෙනවා. නමුත් මම එක් ක්‍රීඩිකාවක් විතරයි. ආසියානු කුසලානයේදී මට ලකුණු අතරට එන්න බැරි වුණා. නමුත් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ආවා. මගේ ක්‍රීඩිකාවන් පිළීබඳ හොද විශ්වාසයක් තිබෙනවා. මා සුපුරුදු රිද්මයට ආවොත් කණ්ඩායමට ශක්තියක්. දකුණු අප්‍රිකා තණතිලිවල මා ගොඩක් ලකුණු ලබා තියෙන නිසා මේ තරගාවලියේදී ලකුණු අතරට පැමිණීම බලාපොරොත්තුවයි. හොද පුහුණුවීමක් කළා. යම් යම් වැරදි හදා ගත්තා. ඒ නිසා හොද විශ්වාසයකින් ඉන්නවා“.

“හසිනි පෙරේරා අවසන් මොහොතේ ආබාධයකට ලක් වුණා. ඒක අපට පාඩුවක්. ඇයට සති 4කින් පසුව පුහුණුවීම් ආරම්භකරන ලෙස වෛද්‍යවරු දැනුම්දී තිබෙනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියට එන්න හැකියාවක් නෑ. හසිනි වෙනුවට සත්‍යා සන්දීපනී කණ්ඩායමට එක් වුණා“.

කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගෙන් මාධ්‍යව්දියෙකු විමසූවේ නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා අතර සිටි දෙව්මි විහංගි ක්‍රීඩිකාව දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුලත් කර නොගත්තේ ඇයිද යන්නයි. එම පැනයට පිළිතුරු දුන් රුමේෂ් රත්නායක මහතා පැවැසූවේ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය පසුගිය දෙසැම්බර් මාසයේදී නම්කළ බවයි.

“ අයිසීසිය ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ නම් දෙසැම්බර් මාසයේදී ඉල්ලා සිටියා. මා දුටුවා දෙව්මි ක්‍රීඩිකාවගේ දක්ෂතා. ඇයට ඉදිරියේදී දිනයක් ඒවි. හොද අවස්ථාවක් ඇයට උදා වේවි“.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්වන අතර, පෙබරවාරි 6 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි. තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

පෙබරවාරි 10 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව

පෙබරවාරි 12 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

පෙබරවාරි 16 – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව

පෙබරවාරි 19 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04