spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

T20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතරයි.

මෙරට වේලාවෙන් පස්වරු 6.30ට තරඟය ආරම්භ වන්නේ කේප් ටවුන්හිදී.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූවේ පළමු වරටයි.

2009 වසරේ සිට 2020 වසර දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි 7ක් පවත්වා තිබෙනවා.

ඒ අතරින් තරඟාවලි 5කින්ම ජය හිමි කර ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

2020 වසරේ ඉන්දියාව සමඟ මෙල්බර්න්හි පැවති තරඟයෙන්ද 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාන කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?