System එක වෙනස් නොකර Upgrade කරන විදිය නාමල් කියයි

මෙරට බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම System එක වෙනස් කරන බවට පවසමින් බලයට පත්වන බවත්, එය හුදෙක් අසත්‍යක් බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන සඳහා වූ දැනුවත්කිරීමේ සමුළුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එලෙස පවසන System එක වෙනස් කළ නොහැකි බවත්, පවතින ක්‍රමය තුළ විශාල ගැටලුවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

නමුත් කළ යුත්තේ System එක වැඩිදියුණු කිරීම බවයි නාමල් රාජපක්ෂ පවසා සිටින්නේ.

බැංකු පද්ධතිය තුළ නව නීති රීති පිහිටුවා බැංකු පද්ධතිය වැඩි දියුණු කළ යුතු බවත්, ගුවන්තොටුපොළ වුවත් වෙනස් නොකළ යුතු බවත් එහි ඇතිවන අවහිරතාවයන් වළක්වා ගැනීමට හැකිවන පරිදි පද්ධතිය වැඩි දියුණු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔවුන් විසින් උත්සහා කරමින් සිටින්නේ එම වැඩි දියුණු වූ ක්‍රමවේදය මෙරට ඇති කිරීමට බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46