STF සැරයන්ට පහරදුන් සැකකරුවෙකු වසර දෙකකට පසුව අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් 100400 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසුව අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හඳුනා ගැනුණේ මීට දින දෙකකට පෙර අඟුරුවාතොටදී සිදුවූ පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී.

විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයාට පහර දී මෙම සැකකරු මීට වසර 02 කට පෙර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

ඔහු සහ පුද්ගල ඝාතනයේ සැකකරු යන දෙදෙනාම නැවතී සිට තිබෙන්නේ එකම නිවසක.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38