STF එස්.අයි. කුඩු සල්ලි ආයෝජනය කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 25ක මුදලක් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කර ඇති බව හෙළි වී ඇත.

එමෙන්ම ඔහු අක්කරයක ඉඩමක් මිලදී ගෙන තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25 වැනිදා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබෙන පැමිණිල්ලකට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දැනුම් දීම කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වැඩිදුර වාර්තා වේ සඳහන් කර තිබෙන්නේ එම ආයෝජනය වෙනුවෙන් ඔහුට මාසිකව 2.5%ක ​පොලි මුදලක් හිමිවී තිබෙන බවයි. ඊට අමතරව අදාළ පොලිස් පරීක්ෂකවරයා සිය නිවස ආසන්නයේ පිහිටි අක්කරයක පමණ ඉඩමක් මිලදී ගෙන තිබෙන බවත් ඔහු පදිංචි නිවස අසාමාන්‍ය ආකාරයෙන් වරින් වර නවීකරණය කර ඇති අතර අවස්ථා ගණනාවකදී විශාල සාද පවත්වා තිබෙන බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් කර ඇත.

අධිකරණ වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25