SPA නීතිගත කරන්න යැයි අභියාචනාධිකරණයට ඉල්ලීමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම්කර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් බලපත්‍රලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බවයි.

තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් සහ සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බවත් පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

2019 වසරින් පසුව මෙවැනි සම්භාහන ආයතන පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබෙන බවත් පෙත්සමේ සඳහන්වනවා.

මේ හේතුවෙන් පොලීසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත්වීම් සිදුකිරීම නිසා සිය වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් පෙත්සමේ සඳහන්කර තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  1. SPA රටට අවශ්‍යයි. මේවා නැත්නම් ගෙදරක ආච්චි කෙනෙක්වත් තියාගන්න වෙන්නෙ නෑ. ඉන්න අසහන කාරයෝ දැක්කම.එ නිසා ගොඩක් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අවම වෙලා තියෙන්නේ ස්පා ආයතන නිසා. ඒ නිසා මේ ආයතන රටා ඕන. හැබැයි හොද නියාමනයක් සහිතව. මේක කල්මර මර ඉන්න ඕන අවස්තාවකුත් නොවෙයි. මං කියන දේ වැරදින්ම් පැය 24න් ලංකාවෙ සියළුම ස්පා ආයට්ගන වහල බලන්න. ඔකද වෙන්නෙ කියලා. එතකොට තේරේවි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49