RDA එක ගැන නලින් බණ්ඩාරගේ කතාව පට්ටපල් බොරු – නියෝජ්‍ය ඇමති උත්තර දෙයි

මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

අද (27) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් හෙලාදකින බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි අසත්‍ය ප්‍රකාශ තුළින් මාර්ග සංවර්ධන අධිකාරියේ කීර්ති නාමයට හානිවන බවයි පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ඊයේ (26) බණ්ඩාර ප්‍රකාශයක් කළා.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවයි.

එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේ දී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ.

මේ අතර මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය ද නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ එම සාවද්‍ය ප්‍රකාශය තුළින් මාර්ග සංවර්ධන අධිකාරියේ කීර්ති නාමයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් අද පැවති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14