spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

QR ක්‍රමවේදයත් සමඟ ඉන්ධන ආනයන වියදම පහතට

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල පහත ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැයවන මුදල ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහළ ගොස් ඇති බවයි.

QR ක්‍රමවේදය මෙරට පුද්ගලයින්ට කෝටා මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සැපයීමට අමතරව ජාතික ඉතිරියක් පිණිස ද හේතුවී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වනවිට මිලියන හයකට වැඩි වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි ඇති අතර, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් 93%ක මෙම QR ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?